පාර්ශවයන්ගේ වෙනස්කම් සිදු කිරිම | සමාගම් ලේඛනකරණයේ ශ්රී ලාංකීක සහකරු

පාර්ශවකරුවන්

අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සමාගම් ලේකම්වරුන් වෙනස් කිරීම
වෙනස් කිරීම

පාර්ශවකරුවන්

කලින් කලට සමාගම තම අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සමාගම් ලේකම්වරුන් වෙනස් කිරීමට තීරණය කරන්නේ පවත්නා පාර්ශවකරුවන් ඉවත් කිරීමෙන් හෝ සමාගමට නව පාර්ශවකරුවන් එක් කිරීමෙනි. නිවැරදි ක්‍රියා පටිපාටියට අනුකූලව මෙය සිදු කිරීම සමාගමට තවත් අභියෝගයකි. මෙම වෙබ් අඩවිය ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් කිරීමට ඉඩ සලසයි.
සමාගමක නෛතිකව ලියාපදිංචි කර ආරම්භ කිරිමේ දි ප්‍රධාන වශයෙන් සිටිය යුතු පාර්ශවයන් තුනකි. එනම් අධ්‍යක්ෂකවරු / කොටස්කරුවන් හා සමාගම් ලේකම් වේ. මෙම පාර්ශවයන් තුන නොමැතිව සමාගමක් ලියාපදිංචි කළ නොහැකි වේ. කොටස්කරුවන් හා සමාගම් ලේකම් ස්වාභාවික පුද්ගලයෙකු හෝ නෛතික පුද්ගලයෙකු විය හැකිය. එහෙත් අධ්‍යක්ෂකවරු අනිවාර්යයෙන් ස්වාභාවික පුද්ගලයන් විය යුතුය. සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සමන්විත වන්නේ අධ්‍යක්ෂකවරු හා සමාගම් ලේකම් ගෙනි.
සමාගමක ලාභය අත්කර සාර්ථකත්වය ගොඩනැගිම වෙනුවෙන් විශ්වාසය තබමින් සද්භාවයෙන් කටයුතු කරමින් බලය භාවිතා කරනු ලබන පාර්ශවය වේ. අධ්‍යක්ෂකවරු විසින් තීරණයක් ගනු ලැබීමේ දි අනිවාර්යයෙන් ම සමාගමේ ව්‍යවස්ථාවලියට අනුකුල විය යුතුය. සමාගමේ සබඳතා හා ව්‍යාපාර කළමණාකාරිත්වය සුපරීක්ෂා කිරිම, අධ්‍යක්ෂනය හා කළමනාකරණය සඳහා අවශ්‍ය බලය ඇත්තේ සමාගමේ අධ්‍යක්ෂකවරු වෙත ය.
සෑම සමාගමකට ම ලේකම්වරයෙක් ඇත. ලේකම් විසින් සමාගමට අදාල ලේඛන කටයුතු හසුරුවනු ලබයි. සමාන්‍යයෙන් ලේකම් ධුරය දරන තැනැත්තා සියලු ලේඛන කටයුතු වන අධ්‍යක්ෂක මණ්ඩලය වෙත දැන්වීම් හා න්‍යාය පත්‍ර යැවීම, සමාගම් රැස්වීම් සංවිධානය කිරිම, සමාගමේ රැස්විම් වාර්තා කිරිම ආදිය සිදු කරනු ලබයි. ඔහු වෙත වඩා වැඩි වගකිමක් ඇති බැවින් බෝහෝ අවස්ථාවල සුදුසුකම්ලත් වෘත්තිමය ලේකම්වරයෙක් ඒ සඳහා පත් කෙරේ.
කලින් කලට සමාගමේ කොටස්කරුවන් හා අධ්‍යක්ෂකවරු විසින් අධ්‍යක්ෂක මණ්ඩලය වෙනස් කිරිමට තීරණ ගනු ලැබිය හැක. එහි දි සිටින අධ්‍යක්ෂකවරු ඉවත් කිරිමට හො නව අධ්‍යක්ෂකවරු පත් කිරිම කළ හැක. නිවැරදි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින් මෙම වෙනස් කිරිම් සිදු කිරිම සමාගම වෙත ඇති තවත් අභියෝගයකි. කෙසේ නමුත් අලුතින් පත්වන අධ්‍යක්ෂකවරු සමාගමේ පෙර අධ්‍යක්ෂකවරු විසින් කරනු ලැබු වැරදි සඳහා වගකිමේන් නොබැඳේ.
සමාගමක ආරම්භක දිනයේ සිට මෙන්ම සමාගමක් ඒකාබද්ධ කිරිමේ ප්‍රතිඵලය තෙක් ම හෝ සමාගම පනතේ ප්‍රතිපාදන මගින් හෝ සමාගමේ ව්‍යවස්ථාවලියේ විධි විධාන යටතේ ලේකම්වරයෙකුගේ ධූරය අහෝසි වන තුරුම සමාගම් ලේකම් විසින් ධූරය දරයි. ඒ හැරුණු විට අධ්‍යක්ෂක මණ්ඩලයේ අභිමතය මත ඔනෑම අවස්ථාවක සමාගම් ලේකම් ඉවත් කිරිමට හා නව සමාගම් ලේකම් පත් කළ හැක.

අපේ මිල

පාර්ශවකරුවන්ගේ ගාස්තු

ව්‍යවස්ථාපිත පිරිවැය

Statutory Costs Adding a New Director Resignation of an existing Director Resignation of an existing Director & Appoint a New Director Resignation of the secretary & Appointment of the new Secretary
Form 20 Rs. 2,645 Rs. 2,645 Rs. 2,645 Rs. 2,645
Form 18 Rs. 2,645 - Rs. 2,645 -
Certified Copy of Form 20 Rs. 1,323 Rs. 1,323 Rs. 1,323 Rs. 1,323
Form 19 - - - Rs. 2,645
(Statutory Fee + VAT) Total = Rs. 6,813 Rs. 4,168 Rs. 6,813 Rs. 6,813

E-Secretary මිල

Documentation
  • Agenda
  • Board meeting minutes
  • ROC documentation
  • Extract of the resolution
  • Rs.8,500
    Total Rs.8,500
    Inquiry

    අප හා සම්බන්ධ වන්න