Form 15
වාර්ශීක වාර්තා
වාර්ෂික ප්‍රතිලාභ සමාගම විසින් අවම වශයෙන් වසරකට වරක්වත් 15 වන ආකෘති පත්‍රය රෙජිස්ට්‍රාර් වෙත භාර දෙනු ලැබේ. සංස්ථාගත කළ දින සිට මාස 18 කට පසු පළමු වාර්ෂික ප්‍රතිලාභ ලබා දිය යුතුය. ඉන්පසු සමාගම සෑම වසරකම වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළ යුතුය. වාර්තාව නිර්මාණය කිරීම සඳහා නිශ්චිත ව්‍යුහයක් ඇත.
සමාගමට වාර්ෂික මහා සභා රැස්වීමක් පැවැත්විය යුතු අතර එය අවම වශයෙන් වාර්ෂික ප්‍රතිලාභ දිනයට දින 14 කට පෙරය.
- 1. මහා සභා රැස්වීම
- 2. මහා සභා රැස්වීම් වාර්තාව
- 3. වාර්ශික වාර්තාවේ ආකෘතිය
- 4. මහා සභා රැස්වීම් නොපැවැත්වීම
- 5. මහා සභා රැස්වීම් පැවැත්වීමේ නෛතික අවශ්‍යතාවය
සෑම කැලන්ඩර් වර්ශයක් පාසාම අනිවාර්යයෙන් පැවැත්විය යුතු මහා සභා රැස්වීම්, අධ්‍යක්ෂක මණ්ඩලයේ සංවිධානය මත සමාගමේ කොටස්කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය යුතු වේ. සමාගමක් ලියාපදිංචි කර එහි පළමු වසර තුළ දීම මහා සභා රැස්වීම පැවැත්විම අවශ්‍ය නොවන අතර සමාගම ලියාපදිංචියේ සිට මාස 18ක කාලයක දී මෙම මහා සභා රැස්වීම පැවැත්විය යුතු වේ. මහා සභා රැස්වීම් වාර්තාවේ දිනට දින 14කට පෙර මෙම මහා සභා රැස්වීම පැවැත්විය යුතු වේ.
වාර්ශිකව පවත්වනු ලබන මහා සභා රැස්විමේ වාර්තාව, සමාගම් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව වෙත ගොනු කළ යුතුවේ. සමාගම ලියාපදිංචියේ සිට මාස 18ක කාලයක දී මෙම මහා සභා රැස්විමේ වාර්තාව, ගොනු කළ යුතුවේ. ඉන් අනතුරුව සෑම වර්ශයක දීම මහා සභා රැස්විමේ වාර්තාව, ගොනු කිරිම අනිවාර්ය කරුණකි.
වාර්ශික වාර්තාව ලෙස අයැදුම් පත් අංක 15 පිරවිමෙන් සමාගම් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව වෙත වාර්ශික වාර්තාව ගොනු කළ හැක. මෙම අයැදුම් පත් අංක 15 පිරවිමේදි ලබා දිය යුතු තොරතුරු බොහෝමයකි. එනම් කොටස් රේජිස්ට්‍රර්, වාර්තා, කොටස්, අධ්‍යක්ෂකවරු, ලේකම්වරු, විගණනකරුවන්, අවසන් වාර්ශික වාර්තා, කොටස්කරුවන හා මහා සභා රැස්වීම යනාදි සියලු තොරතුරු දැක්විය යුතුය.
සමාගමක් නොවැලැක්විය හැකි හේතුවක් මත මහා සභා රැස්වීම නොපැවැත්වීමක දි සියලුම අධ්‍යක්ෂකවරුන්ගේ එකගතාවය මත මහා සභා රැස්වීම නොපැවැත්වු බවට වන ලේඛනයක් ඉදිරිපත් කළ යුතු වේ. එහි දි මහා සභා රැස්වීමේ දි අවධාරණය කරනු ලබන සියලු කරැණු සලකා බලමින් යෝජනා සම්මතයක් මහා සභා රැස්වීම නොපැවැත්වු බවට දක්වමින් ඉදිරිපත් කළ යුතු වේ. මෙම යෝජනා සම්මතය, අයැදුම් පත් අංක 15 සමග සමාගම් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වේ.
මහා සභා රැස්වීම් පැවැත්වීමේ අත්‍යවශයතාවයක් තිබිය දි සමාගමක් එය පැවැත්වීමට අපොහොසත් වීම මගින් නෛතික වශයෙන් වරදකාරිත්වයක් ලබයි. එහි දි සමාගම රු100,000/- නොඉක්මනක දඩ මුදලකට යටත් විය හැකි අතර එසේ මහා සභා රැස්වීම් නොපැවැත්වීමට හේතු වු සමාගමමේ සියලු අධ්‍යක්ෂකවරු හා ලේකම් වෙත රු. 50,000/- නොඉක්මනක දඩ මුදලකට යටත් විය හැක.
අපේ මිල
වාර්ෂික ප්‍රතිලාභ ගාස්තු
ව්‍යවස්ථාපිත පිරිවැය
Form 15 | Rs.6,000 |
Certified Copy of Form 15 | Rs.1,010 |
(Statutory Fee + VAT) Total = | Rs.8,060 |
අමතර සේවා
Notice of the Annual General Meeting with the Agenda | Free of Charge |
Minutes of the Annual General Meeting | Free of Charge |
E-Secretary මිල
Documentation | Rs.7,500 |
Total | Rs.7,500 |
Inquiry